හදිසි ආපදා තත්වය හේතුවෙන් විදුලිය අහිමි වූ ලක්ෂ 39 ක පමණ පාරිභෝගික ජනතාවගෙන් සියයට 85 කට පමණ යළි සම්බන්ධතා ලබා දීමට හැකි වූ බව විදුලිබල මණ්ඩලය පවසනවා.
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නොයෙල් ප්‍රියන්ත මහතා සදහන් කළේ ඇති වු හදිසි ආපදා තත්වය තුළ ට්‍රාන්ස්ෆෝමර් 16,771 ක් අක්‍රිය වු අතර එයින් 14,549 ක් යළි ක්‍රියාත්මක කිරීමට හැකිවූ බවයි.
ආපදා මෙහෙයුම් මාධ්‍ය මධ්‍යස්ථානයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා මේ බව පැවසුවා.











