දළදා මාලිගාවට අයත් දේපළ අවභාවිතා කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙත්සම්කරු කියා සිටින්නේ විහාර හා දේවාල ගම් පනත යටතේ දළදා මාලිගාවට අයත් ප්‍රවේණිගත දේපල පැවරීම, බදුදීම හෝ අන්සතු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වන බවයි
එසේ තිබියදී වත්මන් වැඩබලන නිලමේවරයා ඉකුත් කාලයේ දළදා මාලිගාවට අයත් දේපොළ අවභාවිතාවට ලක්කර තිබෙන බවට තොරතුරු ලැබී ඇති බවද පෙත්සම්කරු සඳහන් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව සතු වත්කම් සහ නිශ්චල දේපළ අන්සතු කිරීම, පැවරීම හෝ විකිණිම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව දළදා මාළිගාව සතු වත්කම් හා දේපළ පිළිබඳ සම්පූර්ණ විගණනයක් සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම මගින් වැඩි දුරටත් ඉල්ලා තිබෙනවා.
උණුසුම් පුවත්
- පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
- දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
- ප්‍රසාද් හේමන්ත බන්ධනාගාර වැඩබලන කොමසාරිස් ජනරාල් ධුරයට
- කොළඹ ප්‍රදේශ රැසකට ජලය අත්හිටුවයි?
- මුහුදේ දියනාමින් සිටි තරුණයෙක් අතුරුදන්
- හලාවත හෝටලයක සිටි විදේශිකයන් 150ක් අත්අඩංගුවට
- මහ සිකුරාදා දිනය අදයි
- නීති විරෝධීව ඩීසල් ලීටර් දෙදහසකට අධික සංඛ්‍යාවක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට














