මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකාව පත්කරන ලද නව මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා සිය රාජකාරි ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ උසස් නිලධාරියෙකු වන ඔහු රාජ්‍ය සේවය තුළ දශක දෙකකට අධික කාලයක් කටයුතු කර පළපුරුද්ද සහිත අයෙක් වන අතර,
මීට පෙර දකුණු අප්‍රිකාවේ ශ්‍රි ලංකා මහ කොමසාරිස් කාර්යාලයේද සේවය කර තිබෙනවා.
එමෙන්ම ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයෙක් වන අතර එංගලන්තයේ හා ඔස්ට්‍රේලියාවේ පශ්චාත් උපාධි ද්විත්වයක් සම්පුර්ණ කල අයෙක් ද වනවා.