ලොව පුරා වියළි භූමි ප්‍රමාණය ඉහළ යාම පානීය ජලය හිග වීමේ අවධානම ඉහළ ගොස් ඇති බව නවතම පර්යේෂන වාර්තාවකින් අණාවරණය කර තිබෙනවා.
ඇරිසෝනා ප්‍රාන්ත විශ්ව විද්‍යාලය මගින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නවතම වාර්තාව වන සයන්ස් ඇඩ්වාන් සගරාවේ මෙම තත්ත්වය අණාවරණය කර තිබුණා.
මෙම පර්ශේෂන වාර්තාව සකස් කිරීම සදහා වසර කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප සහ දත්තයන් භාවිතා කළ බවයි එම විශ්ව විද්‍යාලය පවසා ඇත්තේ.
ඒ අනුව මේ වන විට ලෝකයේ තෙත් පරිසර කළාප වලට සාපේක්ෂය වියලි පරිසර කළාප ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.
මෙම නිසා පානීය මිරිදිය ජලය සිදී යාමේ අවධානමක් මතු වී තිබෙනවා.
එම වාර්තාව පෙන්වා දෙන්නේ පසුගිය වසර 22 තුල ලෝකයේ ජන ගහණයෙන් සියයට 75 ක් සදහා මිරිදිය හිගයට මුහුණ දීමට සිදු වී ඇති බවයි.
ලෝකයේ රටවල් 101 ක මේ වන විට ජල හිගය ක්‍රමයෙන් ඉහළ යන බවද එම වාර්තාව අණාවරණය කර තිබෙනවා.
උණුසුම් පුවත්
- බංග්ලාදේශයට ශ්‍රී ලංකාවෙන් ප්‍රබල ප්‍රහාරයක්…
- පිටකොටුවේ ගින්නක්
- කෝටි ගානක මත්ද්‍රව්‍ය ගුවන් තොටුපොලේ වැසිකිළියකින් මතුවෙයි
- නීති විරෝධීව එකලස් කරමින් තිබූ ජීප් රථ දෙකක් පොලිස් භාරයට
- බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් පිරිසක් රෝහලට
- කාසියේ වාසිය බංග්ලාදේශයට
- ඊශ්‍රායලයේ අතුරුදන්ව සිටියදී සොයා ගත් තරුණයා දිවයිනට
- හදිසියේ ඇති වූ ගින්නෙන් ත්‍රීරෝද රථය අළුවෙයි