Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
    • ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව
    • නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි
    • පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
    • හෝර්ටන්තැන්නෙන් පහළට වැටුණු වෛද්‍ය සිසුවිය බේරා ගැනේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 20
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » 6 වන වරටත් ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාව

    6 වන වරටත් ලෝක ශූරයෝ ඕස්ට්‍රේලියාව

    2023-11-19කියවීමට මිනිත්තු 2ක් ගතවේ.103 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූවා.

    ඒ මෙතෙක් අපරාජිතව සිටි ඉන්දීය කණ්ඩායම පරාජයට පත් කරමින්.

    ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම මෙවර පන්දුවාර 50 එක්දින ලෝක කුසලානය දිනාගත්තේ හය වන වරටයි.

    ඔවුන් මින් පෙර 1987, 1999, 2003, 2007 සහ 2015 යන වසරවලදී ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කර තිබෙනවා.

    මෙවර අවසන් මහා තරගයේ කාසියේ වාසිය  දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වූ අතර පළමුවෙන් පන්දු රැකීමට ඔවුන් තීරණය කළා.

    ඒ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ සියලුම දෙනා දැවි ලකුණු 240ක් ලබාගැනීමට සමත් වූවා.

    පන්දුවට පහරදීමට පිටියට පැමිණි ඉන්දීය ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාව වූ ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවේ කේ.එල්. රාහුල්. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 66ක්.

    ඒ පන්දු 107කදී එක් හතරේ පහරක් සමගින්.

    විරාට් කෝලි ලකුණු 54කට දවා ගැනීමට ඕස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මාට ලබාගත හැකි වූයේ ලකුණු 47ක් පමණයි.

    සූර්යකුමාර් යාදෙව් ලකුණු 18කටත් කුල්දිප් යාදෙව් ලකුණු 10කටත් දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වූවා.

    ඉන්දීය කණ්ඩායමේ සෙසු කිසිදු ක්‍රීඩකයෙකුට ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකියාවක් ලැබුණේ නෑ.

    ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ මිචෙල් ස්ට්‍රක් කඩුලු තුනක්ද ජොෂ් හෂල්වුඩ් සහ පැට් කමින්ස් කඩුලු දෙක බැගින්ද දවා ගැනීමට සමත් වූවා.

    ග්ලේන් මැක්ස්වෙල් සහ ඇඩම් ෂම්පා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    ඒ අනුව විශිෂ්ඨ පන්දු යැවිමක නිරත වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සියලුම ඉන්දීය පිතිකරුවන් දවා ගැනීමට සමත් වූවා.

    තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 241ක් ලබාගත යුතු වූවා.

    ඒ අනුව ලකුණු 241ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 43ක් අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වූවා.

    ඕස්ට්‍රේලියානු කන්ඩායම වෙනුවෙන් පන්දුවට පහර දුන් Travis Head පන්ද 120කදී ලකුණු 137ක් ලබා ගැනීමට සමත් වූවේ ඉන්දීය පන්දු යවන්නන්ට දිගට හරහා පහර දෙමිනි.

    හයේ පහර හතරක් සහ හතරේ පහර 15ක් ඔහුගේ ලකුණු 137ට අන්තර්ගත කිරීමට Head සමත් වූවා.

    නොදැවී පන්දුවට පහර දුන් Marnus Labuschangne ලකුණු 58ක්ද ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 2ක්ද ලබාගත්තා.

    ඩේවින් වෝනර් ලකුණු හතකටත් මිචෙල් මාර්ස් ලකුණු 15කටත් ස්ටීවන් ස්මිත් ලකුණු 4කටත් දැවී ගියා.

    පන්දු යැවීමේදී ඉන්දිය කණ්ඩායමේ ජස්ප්‍රිට් බුම්රා කඩුලු දෙකක්ද මොහම්මෙඩ් සමී සහ මෙහම්මෙඩ් සිරාජ් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

    තරගය ඉන්දියාවේ අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයේදී පැවැත්වුණා.

    පෙර පුව​තඉන්දීය ඉනිම 240කට සීමාවෙයි – ඉන්දීය ක්‍රීඩකයින් නිහඬවෙයි
    ඊළඟ පුව​ත අද දිනයේත් තීරණාත්මක ව්‍යවස්ථාදායක සභා රැස්වීමක්

    සබැ​ඳි පුවත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    නීති විරෝධී යතුරු පැදි එන්ජින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කිඹුලෙක් වැවේ නාමින් සිටි දැරියක් ඩැහැගෙන යයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නිසි අවසරයක් නොමැතිව ඩීසල් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඩීසල් ලීටර් 3532ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-20

    වෙඩි තැබීමකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-03-20

    ඉන්ධන පිරවුම්හල්වලට පොලිසියට අමතරව යුද හමුදා ආරක්ෂාව

    2026-03-20
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group