වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශේණියේ නිලධාරියෙක් වන ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල මහතා පත් කර තිබෙනවා .
එමෙන්ම, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශේණියේ නිලධාරිනියක් වන ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය පත් කර ඇති බවයි සඳහන් වන්නේ .
ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී එම මහත්ම මහත්මීන් වෙත භාර දී තිබෙනවා .
ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්.මංගල මහතා මීට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ක්‍රමසම්පාදන ලෙස කටයුතු කළ අතර, ඩබ්ලිව්.එම්.ඩී.ටී. වික්‍රමසිංහ මහත්මිය වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධුරයේ කටයුතු කර තිබෙනවා .
උණුසුම් පුවත්
- අම්බලන්ගොඩ වෙඩි තැබීමක්
- අලුත් රු. 2000 නෝට්ටුව ගැන පැමිණිල්ලක්
- ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්
- රුමේනියාව සමග කම්කරු සහයෝගීතා ගිවිසුමක් !
- කෙසෙල්වත්තේ දිනුෂට රැඳවුම් නියෝග
- ජනවාරි මසයේ අස්වැසුම හෙට ගිණුම්වලට
- අසල්වැසියාට මාරන්නතික වෛරසයකින් බලපෑම් ?
- හෙරොයින් ජාවාරමේ නිරත වූ පොලිස් නිලධාරිනියක් අත්අඩංගුවට













