මෙවර සිරිපා වන්දනා සමය අදින් ආරම්භ වනවා.
සිරිපා වන්දනා සමය එළඹෙන වසරේ වෙසක් පොහොය දිනය දක්වා ක්‍රියාත්මකයි
පැල්මඩුල්ල ගල් පොත්තාවෙල රජමහාවිහාරයේ සිට ඊයේ දින උදෑසන සධාතුක කරඬු, සමන් දේව ප්‍රතිමා වහන්සේලා සහ පූජා භාණ්ඩ රැගත් පෙරහැර රත්නපුර ශ්‍රී පලාබද්දල, රත්නපුර අවිස්සාවේල්ල හැටන්, රත්නපුර කුරුවිට එරත්න, බලංගොඩ යන මාර්ග හතර ඔස්සේ ශ්‍රී පාදස්ථානය කරා වැඩම කරවීම ආරම්භ වුණා.
මිට අමතරව රත්නපුර, අවිස්සාවේල්ල හරහා හැටන් මාර්ගය ඔස්සේ තවත් පෙරහැරක් ද , බලන්ගොඩ, මාරතැන්න, බගවන්තලාව දක්වා තවත් පෙරහැරක් ද පවත්වා , සමන්දේව ප්‍රතිමා සහ දේවාභරණ වැඩම කිරීම මෙන්ම බුද්ධ පූජාව සහ දේව පූජාවද පැවැත්වුනා .
එම වතාවත් වලින් අනතුරුව සිරිපා වන්දනා සමය ඇරඹීම සිදු වූ බවයි ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නාහිමියෝ සදහන් කලේ .













