බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය වන ව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විට පැ.කි.මී. 50-60 ත් අතර පමණ තද සුළං ඇතිවිය හැකියි.
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ ප්‍රමාදය කඩිනමින් විසදීමට උපදෙස්
- ෆන්ග්-වොං සුළි කුණාටුවෙන් තායිවානයේ ගංවතුර තත්ත්වයක්
- ජෝර්ජියාවේදී තුර්කි හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් 20 දෙනෙකු ජිවිතක්ෂයට
- රිය අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට
- බිත්තර වී ගොවිපළවල් සඳහා රක්ෂණයක්
- හිටපු මාලිමා මන්ත්‍රිනියගේ විදුහල්පති සැමියා රිමාන්ඩ්
- සයිප්‍රසයේ භූ කම්පනයක්
- ශ්‍රී ලංකා රේගුව මෙම වසරේ ආදායම් ඉලක්කය ඉක්මවා යයි













