බස්නාහිර පළාතට සමගාමීව උතුරු මැද පළාත තුළද මගී බස් රථ ධාවනයේදී මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර අනිවාර්ය කර තිබෙනවා.
මගී ප්‍රවාහනයේදී මගින්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ නීතිය බස්නාහිර පළාතට සමගාමීව උතුරු මැද පළාතේද ක්‍රියාත්මක කරමින් අනුරාධපුර දිස්ති5ක්කයේ පළාත් බස් රථවල මගී ප්‍රවේශපත්‍ර ලබාදීම සිදුවන්නේදැයි සොයා බැලීමක්ද සිදුකර තිබෙනවා.
දුර බැහැර සිට අනුරාධපුර නගරයට පැමිණෙන බස් රථ පරීක්‍ෂා කිරීමක් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ජංගම පරීක්ෂක කණ්ඩායම විසින් සිදු කර තිබෙනවා.
මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති කනිෂ්ක මුදිත් ප්‍රසන්න මහතාගේ සහ සාමාන්‍යාධිකාරී වීරවිජය ගුණසේකර මහතාගේ උපදෙස් පරිදි ප්‍රධාන ජංගම පරීක්ෂක චන්ද ප්‍රශාන්ත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම මගී ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් කරුණා සොයා බලා තිබෙනවා.
ප්‍රවේශ පත්‍ර නිකුත් නොකළ බස් රථ සඳහා මාර්ගස්ථ ප්‍රවාහන සේවා අධිකාරියේ බලතල අනුව දඩ පත්‍රිකා නිකුත් කර දඩ නියම කිරීම ජංගම පරීක්ෂක කණ්ඩායම විසින් සිදුකර තිබෙනවා.