ශ්‍රී ලංකා රේගුව 2025 වසරේ ආදායම් ඉලක්කය වූ රුපියල් බිලියන 2,115 ක අගය ඉක්මවා යාමට සමත් වී තිබෙනවා.
ඊයේ දිනයේ මෙම ආදායම් ඉලක්කය ඔවුන් පසු කර ගිය බවයි ශ්‍රී ලංකා රේගුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ.
මේ වන විට රුපියල් බිලියන 2117.2 ක සීමාවට පැමිණීමට ඔවුන්ට හැකි වී තිබෙනවා.