ෆයිනස් ගස් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
මාර්ගයෙන් අඩි 15 ක් පමණ පහළ පිහිටි තේ වත්තට ලොරිය පෙරලී ඇති බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ රියදුරා සහ රිය සහයකයා ලොරි රථයෙන් ඉවතට පැන දිවි ගලවා ගෙන ඇති බවද පොලිසිය සදහන් කළා.