
මෙම පාර්ලිමේන්තු සතියට අදාළ කටයුතු පසුගිය ජූලි 10 වැනිදා කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබුනා. ඒ අනුව අද පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විශේෂ යෝජනා දෙකක් විවාදයට ගෙන අනුමත කිරීම සඳහා වෙන් කර තිබෙනවා . ඉන් අනතුරුව පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය පිළිබඳ සභාව කල්තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිතයි. හෙට දිනයේදී වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 50ක් සඳහා කාලය වෙන් කර තිබෙනවා . ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න සහ සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ද හෙට දිනයේ කාලය වෙන් කර ඇති බවයි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව සදහන් කලේ .














