
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා . ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කලේ අයදුම්කරුවන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වෙත පිවිස, තමන්ගේ විභාග අංකය
නිවැරදිව ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් දෙලක්ෂ දෙසිය තිස් පස් දෙනෙකු
ලියාපදිංචි වී ඇති බවයි . ඉන් එක් ලක්ෂ හතලිස් හත් දහස් හාරසිය හත් දෙනෙකු විභාගය සඳහා පෙනී සිට තිබුනා. එමෙන්ම, එළඹෙන ජූලි 23 වන දා සිට විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවි ඔස්සේ ප්‍රතිඵල ලේඛන බාගත කර ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.














