නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 26 ක් හා 29 ක් වන වවුනියාව හා නෙදුන්කර්නි ප්‍රදේශවල පදිංචිකරුවන්.
අනතුරෙන් අදාළ ලොරි රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙක් එම ලොරි රථයටම යටවී බරපතල තුවාල ලබා නාරම්මල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.