මෙරට රත්තරන් වල මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල දත්ත පෙන්නුම් කරනවා.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළඳපොලේ කැරට් 22 රන් පවුමක මිල රු.177,600ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඊයේ දිනයේ දී එය සටහන් වුණේ රුපියල් 175,700ක් ලෙසයි.
මේ අතර ඊයේ රුපියල් 191,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වන විට රුපියල් 193,000ක් දක්වා රුපියල් 2,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොල ආරංචි මාර්ග වාර්තා කරනවා