පාස්කු ප්‍රහාරයන්ට අදාළව සිදු කරන විමර්ශනයක් සම්බන්ධයෙන් මඩකලපුව හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ත්‍රස්තවදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ප්‍රශ්න කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකය කොටුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය සහ සයින්දමරුදු බෝම්බ පුපුරුවා හැරිමේ සිද්ධිය සම්බ්නධයෙන්
එහිදි සංවේදී තොරතුරු සඟවා ඉදිරිපත් කිරීම, විමර්ශනය නොමග යවන සුළු සටහන් යෙදීම, සාක්ෂි වසන් කිරීම, නිවැරදි කරුණු අනාවරණය නොකිරීම ඇතුළු කරුණු යටතේ සැකපිට ඔහු අත්අඩංගුව ගත් බව පොලීසිය අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඒ අනුව හිටපු ස්ථානාධිපතිවරයා මේ වනවිට පැය 72ක රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කරන බව පොලීසිය දැනුම් දී තිබෙනවා.
අවශ්‍ය වුවහොත් ඒ සදහා තවදුරටත් රඳවා ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්න බවද පොලිසිය අධිකරණය වෙත කරුණු දක්වමින් පවසා තිබෙනවා.