ඉතාලි සංචාරක නියෝජිත පිරිසක් මෙරට සංචාරයකට එක්ව තිබෙනවා.
බස්නාහිර පළාත් සංචාරක සංවර්ධන අධිකාරියේ මග පෙන්වීම යටතේයි මෙම නියෝජිත පිරිස දිවයිනට පැමිණ ඇත්තේ.
වසර ගණනාවකට පසුව ඉතාලි සංචාරක නියෝජිත පිරිසක් දිවයිනට පැමිණීම ද විශේෂත්වයක්.
ඉතාලි සංචාරකයින් පිරිස දින පහක කාලයක් මෙරට රැදී සිටිනු ඇති.