දිවයිනේ සෑම යුධ හමුදා කඳවුරකම රණවිරු සුබසාධන අංශයක් අනිද්දා සිට ආරම්භ කරන බව යුධ හමුදා මූලස්ථානය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රෙද්‍රිගෝගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව සෑම හමුදා කඳවුරකම අණදෙන නිලධාරියාගේ අධීක්ෂණය යටතේ මෙම රණවිරු සුබසාධන අංශය අනිද්දා සිට ක්‍රියාත්මක වනු ඇති.
මෙමගින් විශ්‍රාමික, ආබාධිත සහ මිය ගිය හමුදා රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සුබසාධන කටයුතු පහසුවෙන් සිදු කළ හැකි බවයි යුධ හමුදා මූලස්ථානය සඳහන් කළේ.