
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් මිල පහළ දැමීමට ඛණිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව රුපියල් 414ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර, එහි නව මිල රුපියල් 399 ක් ලෙස දැක්වෙනවා. එමෙන්ම රුපියල් 495ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් අඩුකර ඇති අතර, එහි නව මිල දැක්වෙන්නේ රුපියල් 475ක් ලෙසයි. කෙසේ නමුත් ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් සංශෝධනයක් නොවන බවද ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.














