සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස තුනක් මිරිහාන පොලිසිය විසින් වටලා තිබෙනවා.
එහිදී අදාළ ගණිකා නිවාස කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙක් සහ සැකකාරියන් දෙදෙනෙක් සහ ගණිකා සේවයේ යෙදීම සම්බන්ධයෙන් සැකකාරියන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගැනුණු බවයි පොලිසිය පවසන්නේ.
සැකකරු වයස අවුරුදු 47ක් හා සැකකාරියන් අවුරුදු 19ත් 54ත් අතර වයස්වල පසුවන රත්නපුර, පොළොන්නරුව, මහියංගනය හා ගිරාඳුරුකෝට්ටේ යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.
මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













