අපරාධ කල්ලි නායකයෙකු වන ”ලොකු පැටී” නැමැත්තාව එළැඹෙන 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර තිබෙනවා.
ඒ සැකකරු රැඳවුම් නියෝග අවසන් කර අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.
ක්ලබ් වසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ”ලොකු පැටී” නැමැති අපරාධකරු පසුගිය මැයි මස 4 වැනිදා දිවයිනට රැගෙනවිත් තිබුනා.
කෙසේවෙතත් දින 90ක් සැකකරු රඳවාගෙන ප්‍රශ්න කළ අතර අද දිනයේදී ඔහුව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.