
යාපනය, කුඩරප්පු වෙරළ ප්‍රදේශයේදී මුහුදු කූඩැල්ලන් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් 673ක තොගයක් ගොඩබිමට ප්‍රවාහනය කරමින් සිටි අවස්ථාවේදී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. මෙම සැකකරුවන් අවුරුදු 51ත් 56ත් අතර වයස්වල පසුවන මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.














