උතුරු සිරියාවේ සිදුවූ බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 8 දෙනෙකු මියගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය සඳහන් කලේ තවත් 20 දෙනෙකුට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි.
තුර්කි හිතවාදී හමුදාව විසින් අත්පත් කරගෙන සිටින උතුරු සිරියාවේ ඇලෙප්පෝ පළාතේ අසාස් නගරයේ පිහිටි වෙළඳපොලක එම පිපිරීම සිදුව තිබෙනවා.
ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නැහැ .













