
රුසියාවේ අසූර් එයාර් ගුවන්සේවය නැවත රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන්සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
එළැඹෙන නොවැම්බර් මාසයේ සිට ගුවන්ගමන් නැවත ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි අසූර් එයාර් ගුවන්සේවය නිවේදනය කර ඇත්තේ. ඒ අනුව, රුසියාවේ ගුවන්තොටුපොල 05ක සිට සිය ගුවන්ගමන් ශ්‍රී ලංකාව දක්වා සිදුකිරීමටයි සැළසුම් කර ඇත්තේ.
අසූර් එයාර් ගුවන් සේවයට අමතරව එරෝෆ්ලොට් සහ එස් සෙවන් ගුවන් සේවා ද රුසියාව සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර බි්‍රතාන්‍ය බි්‍රටිෂ් එයාර්වේස් ගුවන්සේවය ශ්‍රී ලංකාව සහ බි්‍රතාන්‍ය අතර ලබන මාසයේ සිට සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ වසර 11කට පසුවයි. මේ අතර, ඔක්තෝබර් 23 වනදින සිට බි්‍රතානයේ ගැට්වික් ගුවන්තොටුපල සහ කොළඹ අතර සෘජු ගුවන්ගමන් ආරම්භ කිරීමටද නියමිත බවයි වාර්තා වන්නේ.














