ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි ඇතුලු 6 දෙනා නේපාලයේ සිට මෙරටට රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.
ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ul 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමටයි කටයුතු කර ඇත්තේ.
ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ අධිකරණ පරිශ්‍රයට ගිනි අවිය ගෙනා බවට ඉෂාරා සෙව්වන්දිට චෝදනා එල්ල වී තිබුණා .
ඇය අපරාධ නඩු විධාන සංග්‍රහයේ පිටපතක් තුළ සඟවා ගිනිඅවිය අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ බවටයි මූලික විමර්ශන වලදී අණාවරණය වුනේ.
මේ අතර සැකකාරියව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ විමර්ශනයක් සිදු කළ අතර ඇය පිළිබඳ තොරතුරු ලබා දෙන අයෙකුට ත්‍යාග මුදලක් ලබාදීමටයි පොලීසිය තීරණය කර තිබුණේ .
ඉෂාරා සෙව්වන්දිගේ මව සහ සොහොයුරා ද අත්අඩංගුවට ගැණුනේ මෙම සිද්ධියට අදාළවයි.
රිමාන්ඩ් භාරයේ සිටියදී මෙම සැකකාරියගේ මව මිය ගොස් තිබුණා.
මේ අතරතුරයි ඉන්දුනීසියාවේ දී කෙහෙල්බද්දර පද්මේ ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැණුනේ.
ඔවුන්ගෙන් හෙළිවූ තොරතුරුවලට අනුව ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි රටින් පලාගොස් ඇති බවට කරුණු තහවුරු කර ගැණුනා.
ඒ අනුව ඇයට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කිරීමටයි පියවර ගැනුනේ.