නීති විරෝධී ලෙස මෙරට ගෙන්වන ලද සුවඳ විලවුස් තොගයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගෙන තිබෙනවා.
අදාළ සුවඳ විලවුන් තොගය රුපියල් කෝටි දහයක පමණ වටිනාකමකින් යුක්ත බවයි එම අධිකාරිය පවසන්නේ.
රාජගිරිය, ගොතටුව ප්‍රදේශයේ නිවසක තිබියදී මෙම සුවඳ විලවුන් තොගය අද(10) සෙයාගෙන තිබෙනවා.
ඩුබායි හි සිට මෙම සුවඳ විලවුන් තොගය ගෙන්වා ඇති බවටයි වාර්තා වන්නේ.













