රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින සම්පත් මනම්පේරිට අයත් බව කියන බස් රථයක්, මෝටර් රථයක් සහ කැබ් රථයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් උතුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් සම්පත් මනම්පේරි යන අයගේ මිද්දෙණිය ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදී අදාළ වාහන සොයාගෙන ඇති බව වාර්තා වනවා.
මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදාගන්නා රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් බහාලුම් දෙකක් ළඟ තබා ගැනිමේ සිද්ධියට අදාළව සම්පත් මනම්පේරී නමැත්තා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටිනවා.
පසුව ඔහු දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අවසර ලබාදෙනු ලැබුවා.












