ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. නලීම් මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා නම් කිරීමට තීරණය කර තිබෙනවා.
එස්.එම්. නලීම් මහතා ඉකුත් පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූවා.
නලීම් මහතා එරාවූර් නගර සභාවේ හිටපු සභාපතිවරයෙකුද වනවා.
ඒ අනුව පූරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අබ්දුල් වසීත් මහතා නම් කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
අබ්දුල් වසීත් මහතාද පොතුවිල් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙක් වනවා.