කටාන, කඳවල ප්‍රදේශයේදී පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් තිබෙනවා.
පොලිසිය කියා සිටියේ කටාන, කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බවයි.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 23ක් පමණ වූ මස්කෙළිය මාඋස්සාකැලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.
මරණකරු තවත් මිතුරු කිහිපදෙනෙක් සමගින් පැමිණ ඉහත කී හෝටලයේ විනෝද වෙමින් හෝටලයෙහි නාන තටාකයෙහි දිය නාමින් සිටියදී මෙලෙස දියේ ගිලී මියගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.