අම්පාර දිස්ත්‍රික්කයේ දශක තුනක් පුරා පැවති යුද්ධයේ දී නිවාස අහිමි වූ පවුල් 189 ක් සදහා නිවාස හිමිකම් පත්‍ර ප්‍රධානය ප්‍රදානය කිරීම සිදු කර තිබෙනවා.
ඒ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී යි.
“තමන්ගේම තැනක් – ලස්සන ජිවිතයක් ”ලෝක ජනාවාස දින තේමාව යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ අනුව ලක්ෂ 15 බැගින් ප්‍රතිලාභීන් 97 දෙනෙකුට සහා ලක්ෂ නවය බැගින් ප්‍රතිලාභීන් 92නකු සඳහා මෙලෙස හිමිකම් පත්‍ර ප්‍රදානය කර ඇති බවයි වාර්තා වන්නේ.
ලාහුගල, පොතුවිල්, තිරුක්කෝවිල් , කාරතිව්, සම්මාන්තුර, මහඔය, දමන, කල්මුණ උතුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ප්‍රතිලාභීන් උදෙසා මෙලෙස හිමිකම් පත්‍ර ප්‍රදානය කෙරුණා.
එමෙන්ම සම්මන්තුර මල්වත්ත ප්‍රදේශයේ සහ නාවිදන්වේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සම්පූර්ණයෙන් නිමකළ නිවාස ජනතා අයිතියට පත් කිරීම සහ ඉදිකෙරෙමින් පවතින නිවාස නිරීක්ෂණය ද එහිදී සිදු වුනා.













