ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(14) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩල පවසනවා.
අද(14) දින පෙරවරු 10 සිට පස්වරු 8 දක්වා පැය 10 කාලයක් ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල ලොංගස්දෙනිය පින්නගොල්ලවත්ත, කෝලවත්ත සහ ගොරකදෙනිය ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටවෙනු ඇති.
එසේම රන්පොකුණුගම, රන්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.
ජල සැපයුම අත්හිටුවනු ලබන අනෙක් ප්‍රදේශ වන්නේ ඌරාපොළ, දික්කන්ද, මීවිටිගම්මන, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවල, කකල්පිටිය, ඇල්ලමුල්ල යන ප්‍රදේශයි.
ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසන්නේ ජල සැපයුම අත්හිටුවීම නිසා සිදුවන අපහසුතාවය සම්බන්ධානය සිය කනගාටුව පළ කරන බවයි.