
කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට සදහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින පුවත් අසත්‍ය බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ BREAKING NEWS ලෙස සදහන් කරමින් කිරිපිටි, කල්කිරි සහ යෝගට් ඇතුළු භාණ්ඩ කිහිපයක මිල ඉහළ දමා ඇති බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ පුවතක් සංසරණය වන බවයි. එම පුවතේ සදහන් මිල ඉහළ දැමීම සම්බන්ධ තොරතුරු අසත්‍ය බවත් එවැනි පුවත් තහවුරු කර ගැනීමකින් තොරව හුවමාරු කිරීමෙන් වළකින ලෙසත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය ජනතාවට දැනුම් දෙනවා.














