2025 වසරේ මුල් මාස පහ තුළ ශ්‍රී ලංකාවේ අපනයන අංශය කැපී පෙනෙන සාධනීය මට්ටමක් සහ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කරන බව ශ්‍රි ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා පවසනවා.
ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.
මංගල විජේසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2025 වසරේ මුල් මාස පහ තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 6,933.35 ක් බවයි.
එය 2024 වසරේ එම කාලයට සාපේක්ෂව 7.14% ක වර්ධනයක් බව ඔහු තවදුරටත් සඳහන් කළා.
“2025 මැයි මාසයේදී වෙළඳ භාණ්ඩ සහ සේවා යන අංශයන්හි මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,386.66 ක් වුණා.
මෙය 2024 මැයි මාසයට සාපේක්ෂව 6.35% ක වාර්ෂික වර්ධනයකි.
එය ශ්‍රී ලංකාවේ අපනයන අංශයේ සාධනිය මට්ටම සහ වෙළඳපල විවිධාංගීකරණය කිරීමත්, තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමටත් ගත් උපායමාර්ගික උත්සාහයන්ගේ ධනාත්මක බලපෑම පිළිබිඹු කරන බවයි ඒ මහතා පවසන්නේ.
2025 මැයි මාසයේදී පමණක්, වෙළඳ භාණ්ඩ අපනයනය වාර්ෂිකව 1.70% කින් වර්ධනය වී ඇමරිකානු ඩොලර් මිලියන 1,028.52 ක් දක්වා ළඟා වී තිබෙනවා.
ශ්‍රී ලංකා රේගුවේ තාවකාලික දත්ත වලට අනුව, එම සංඛ්‍යාවට මැණික් හා ස්වර්ණාභරණ සහ ඛනිජ තෙල් නිෂ්පාදන සදහා වූ ඇස්තමේන්තුගත ආදායම ද ඇතුළත් වනවා.