පුරා වස්තු සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් බෝයවලාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් දෙදෙනා කැණීම් උපකරණද සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
බෝයවලාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත බෝයවලාන, කළල්පිටිය ප්‍රදේශයේ සිදු කරන ලද වැටලීමකදී සැකකරුවන් අත්ඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වේයන්ගොඩ සහ කඩවත යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 38ක් සහ 57ක් පමණ යන අයවළුන් බවයි පොලිසිය පවසන්නේ.
බෝයවලාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.











