යුරියා පොහොර මිටියක මිල රුපියල් 7 500කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
පුද්ගලික පොහොර ආයතන මගින් බෙදාහරින කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක මිල මෙලෙස අඩු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
දැනට වෙළෙදපොලේ රුපියල් 18 500ක මිලකට යුරියා පොහොර මිටියක් අලෙවි වන අතර එම මිල ඉදිරියේදී අඩුවනු ඇති.
එමෙන්ම පසුගිය කන්නය සදහා රජයේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් යුරියා පොහොර මිටියක් රැපියල් 10000ක මුදලකට ගොවීන්ට ලබා දී තිබුණා.