මෙරට සහ විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවි සහ මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ මොවුන් දෙදෙනා ඇතිමලේ සහ පිලියන්දල යන ප්‍රදේශයන්හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.
පිළියන්දල ප්‍රදේශයේදී විදෙස් රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කරන ලද වැටලීමකදීයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තෙ පිලියන්දල මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 51ක් පමණ වන පුද්ගලයෙක් බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මේ අතර ඇතිමලේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත ඇතිමලේ, මොරපල් පොකුණ ප්‍රදේශයේදී වැටලීමක් කර තිබෙනවා.
එහිදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ ගංජා ගස් 2344ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 65ක් පමණ වන විලඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඇතිමලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.