ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගනු ලබන නවක නිලධාරීන් ඔවුන්ගේ සේවා ව්‍යවස්ථාවට අනුව අනිවාර්ය වන සේවාරම්භක පුහුණුව ලබා දීම ආරම්භ කර තිබෙනවා.
කාර්යක්ෂම ව කටයුතු කිරීමට සූදානම් කිරීමේ අරමුණින්මෙම පුහුනු සැසිය පවත්වනු ලබනවා.
මෙහි දී අධ්‍යාපන පද්ධතියට එක් වන නව නිලධාරීන්ට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම සිදු කරන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ලබා දෙන පුහුණුව මගින් ඉදිරි අධ්‍යාපන පරිපාලනය ශක්තිමත් කිරීමට මනා පිටුබලයක් ලැබෙනු ඇති බවටයි අපේක්ෂා කරන්නේ .
මෙම පුහුණු වැඩමුළුවට විවෘත සහ සීමිත පදනම මත නිලධාරීන් 500ක් සම්බන්ධ වී සිටිනවා.
විවෘත පදනමින් බඳවාගත් නිලධාරීන් මේ වනවිට ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නේවාසික පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වී තිබෙනවා .
සීමිත පදනම මත බඳවාගත් නිලධාරීන් පුහුණුව සිදු වන්නේ මීපේ ගුරු පුහුණු මධ්‍යස්ථානයේදීයි..
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














