
පමුණුගම, එපාමුල්ල මුහුදු තීරයේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පිරිසෙන් කාන්තාවගේ සහ ගැහැණු ළමයින් දෙදෙනාගේ මළසිරුරු සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස 35 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 04 හා 12 යන වයස්වල පසුවන ගැහැණු ළමයින් දෙදෙනෙක් බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත්, දියේ ගිලී අතුරුදන් වූ 13 හැවිරිදි පිරිමි ළමයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.














