රුපියල් මිලියන 98කට ආසන්න මුදලක් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල හා ඔහුගේ පවුලේ සාමාජිකයන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කර ඇති නඩුවට පාදකව ඇති බැංකු ගිණුම් ලේඛන ඇතුළු සියලු ලේඛනවල තබා ඇති දහසකට අධික අත්සන් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක වාර්තාවක් කැඳවා ඇතැයි එම කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දී තිබෙනවා
මෙම නඩුව ඊයේ (අගෝ. 5) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න හමුවේ කැඳවූ අතර එය ලබන සැප්තැම්බර් මස 10 වන දා දක්වා කල් තැබීමට විනිසුරුවරිය නියෝග කර තිබෙනවා
එසේ ම, මෙම නඩුවට පාදකව කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම්වල සඳහන් ලේඛන ඇතුළු සියලු ලේඛනවල ඇති අත්සන් 1000ට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් මේ වන විට කැඳවා ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේ ය.
අනතුරුව මෙම නඩුව ඉදිරි දින සඳහා කල්තැබීමට විනිසුරුවරිය නියම කළා ය.