නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් සමාජ මාධ්‍ය ඔස්සේ ආරක්ෂාව ඉවත් කර ඇති බවට සංසරණය වන පුවතේ කරුණු පැහැදිලි කිරීම
නැගෙනහිර පළාතේ සංඝනායක හිමිනමක් එම හිමිනම වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බවට පුවත් ඇතුළත් කරමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පුවතක් සංසරණය වෙමින් පවතී.
එම පුවතට අදාළව සංඝයා වහන්සේ වෙත ඇමති ආරක්ෂක ඒකකයේ නිලධාරීන් ආරක්ෂාව සඳහා යොදවා තිබූ අතර, ඉන් අතිරික්ත නිලධාරීන් කළමනාකරණය සිදු කර මෙම නිලධාරීන් කොළඹ ඇමති ආරක්ෂක ඒකකයේ සිට මෙම රාජකාරිය සඳහා මුදා හැර ආරක්ෂක කටයුතු පවත්වාගෙන යන ලදී.
කෙසේ වුවද කොළඹ සිට මෙම නිලධාරීන් නැගෙනහිර පළාතේ රාජකාරී සඳහා යෙදවීමේදී ඇතිවූ පරිපාලන ගැටලුවක් හේතුවෙන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ පොලිසිය මගින් ආරක්ෂාව සැලසීමට කරනු ලැබූ පරිපාලනය පහසු කිරීමේ යෝජනාවක් අනුව එසේ කටයුතු කිරීමට සැලසුම් කළ නමුත්, කිසිදු අවස්ථාවක ආරක්ෂාව ඉවත් කිරීමට කටයුතු සිදුකර නොමැත.
එම ආරක්ෂාව පෙර පරිදිම සංඝයා වහන්සේ වෙත ලබාදීම සඳහා කටයුතු සිදුකර ඇත.