දිවයිනේ දිස්ත්‍රික්ක 25ටම බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවු ආපදා මරණ සංඛ්‍යාව 410 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.
අද උදෑසන 10 ට නිකුත් කළ නවතම නිවේදනයට අනුව පුද්ගලයින් 336 ක් අතුරුදන්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වෙනවා.
පවුල් 407,594 කට අයත් පුද්ගලයින් 1,466,615 ක් අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ වාර්තාවට අනුව වැඩිම මරණ සංඛ්‍යාවක් වන මරණ 88 ක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
මේ අතර බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 83 ක්, නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ 75 ක්,කුරුණෑගලින් මරණ 52 ක් හා පුත්තලම දිස්ත්‍රික්කයෙන් මරණ 27 ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.
මේ අතර මහනුවර දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 150 දෙනෙකු, නුවරඑළියේ පුද්ගලයින් 62ක්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 48,බදුල්ලෙන් පුද්ගලයින් 28 ක්, දෙනෙකු සහ කුරුණෑගලින් පුද්ගලයින් 27 දෙනෙකු මේ වනවිටත් ආපදා හේතුවෙන් අතුරුදන්ව තිබෙනවා.











