
බන්ධනාගාර ගත කිරීම වෙනුවට නිවාස අඩස්සියට පත් කිරීම යෝජනා වී ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
මේ සඳහා වූ නීතිමය ප්‍රතිසංස්කරණ ගණනාවක් සම්බන්ධව සාකච්ඡාකර නීතිමය ප්‍රතිපාදනය සිදුකරමින් පවතින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.














