
දෙස් විදෙස් සංචාරකයන් දිනපතා ගමන් කරන ඉතා කාර්යබහුල මාර්ගයක් ලෙස හැඳින්වෙන හැටන් නුවරඑළිය A7 ප්‍රධාන මාර්ගය අභියස හැටන් ප්‍රදේශයේ නිවෙස්වලින් ඉවතලන අපද්‍රව්‍ය වාහනවලින් රැගෙනවිත් එම මාර්ගයේ බැහැර කර යන බව හැටන් කුඩාගම ප්‍රදේශවාසින් පවසනවා.
දිවා සහ රාත්‍රී කාලවලදී වෑන් සහ ත්‍රීරෝද රථවලින් පැමිණෙන පිරිස් විවේක ගැනීමට වාහන නතර කරන මුවාවෙන් නිවසින් බැහැර කරන අපද්‍රව්‍ය මෙම ස්ථානයට රැගෙනවිත් දමන බවයි ප්‍රදේශවාසීන් කියා සිටින්නේ.
ජගත් පිරිස දිනය යෙදී තිබූ ඊයේ(05) දින දහවල් වෑන් රථයකින් පැමිණි පුද්ගලයෙකු හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම බස් නැවතුම්පොළ අසල සිය කසළ බෑගය බස් නැවතුමේපොල් දමා යන අයුරු අසල තිබූ ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණා.
මෙලෙස පරිසරයට කැළිකසළ බැහැර කර යන පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා ලෙසයි කුඩාගම ප්‍රදේශවාසීන් හැටන් පොලිසියෙන් ඉල්ලා සිටින්නේ.














