
මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක ද වූ ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට 91 වැනි වියේ පසුවූ ඒ මහත්මිය, කළුබෝවිල පිහිටි සිය නිවසේදී මෙලෙස අභාවප්‍රාප්ත වී තිබුණා. ඒ මහත්මියගේ අවසන් කටයුතු හෙට දින සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.














