නුවරඑළිය හග්ගල සීතා අම්මන් කෝවිල ඊයේ(01) රාත්‍රීයේ බිඳ එම කෝවිලේ තැන් කිහිපයක ස්ථානගත කර තිබූ පඬුරු පෙට්ටි හයක් බිඳ ඒවායේ තිබූ මුදල් රැගෙන ගොස් ඇති බවට එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.
එම කෝවිල තුළ විශේෂයෙන් සකස් කරන පඬුරු පෙට්ටි හයක් තිබූ බවත් ඉන් හිස් පඬුරු පෙට්ටි තුනක් කෝවිල අසළින් ගලා බසිනා ඇල මාර්ගයට විසිකර දමා කෝවිල තුළ සවිකර තිබූ ආරක්ෂිත කැමරා පද්ධතියේ දත්ත ගබඩාව රැගෙන ගොස් ඇති බවයි එම කෝවිලේ පාලක සභාව විසින් නුවරඑළිය පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ.
කෝවිල තුළ මුරකරුවෙකු සිටියත් එම මුරකරු නිදා සිටි අවස්ථාවේ සැකකරුවන් කෝවිල තුළට පිවිස මෙම සොරකම සිදු කර ඇති බවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නුවරඑළිය පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වයි.













