පෑලියගොඩ, දිප්පිටිගොඩ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙම සිද්ධිය වන අවස්ථාවේ පැනයාමට උත්සහ කළ තවත් පුද්ගලයෙකු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.
මෙහිදී තුවාල ලැබූ පුද්ගලයන් වයස අවුරුදු 24,34 සහ 44 යන වයස්වල පසුවන වැල්ලම්පිටිය, අංගොඩ, පෑලියගොඩ සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බවද අනාවරණය වී තිබෙනවා.
වෙඩිතැබීම සඳහා ටී 56 වර්ගයේ ගිණිඅවියන් භාවිතා කර ඇති අතර, පළාගිය සැකකරුවන් සොයා පෑලියගොඩ පොලීසිය වැඩිදුරය විමර්ශන කරන බවයි පොලීසිය සඳහන් කළේ.
උණුසුම් පුවත්
- ජින්තුපිටියේ වෙඩි තැබීම සැකපිට 5 දෙනෙක් අත්අඩංගුවට
- සේවිකාවක් නිරුවත් කර වීඩියෝ කළ ව්‍යාපාරිකයෙක් අල්ලයි
- ගාලු පාරේ රථ වාහන ගමනාගමනය සීමා කිරීමක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්













