Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
    • සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
    • අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි
    • සැකකටයුතු මරණ දෙකක්
    • අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි
    • නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • කඳුකරයේ රක්ෂිතවලට ගිනිතැබීම් ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සමාජයේ එක් පසෙක බලය මිනිමරුවන් අපරාධකරුවන් අත්පත්කරන්

    සමාජයේ එක් පසෙක බලය මිනිමරුවන් අපරාධකරුවන් අත්පත්කරන්

    2025-08-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.56 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    දුර්වල අකාර්යක්ෂම අදක්ෂ ආණ්ඩුවක් ඇති බවත් දිනපතාම රට පුරා වෙඩි තැබීම් සිදුවන බවත් දිනපතාම මිනිස් ඝාතන සිදුවන බවත් රටේ නිතිය හා සාමය මහජන ආරක්ෂාව තහවුරු නොවන බවත් මැර කල්ලි, පාතාල කල්ලි, කුඩු කල්ලි, සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජයේ බලය ගෙන ඇති බවත් රජයට මේවා පාලනය කරන්න කිසිදු වැඩපිළිවෙළක් විධිමත් සැලසුමක් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

    එසේම මොවුන් උත්සාහ කරන්නේ මුළු සමාජයම එක පැත්තකින් මිනිමරුවන්ගේ අතට මෙන්ම දේශපාලනික වශයෙන් තමන්ගේ අතට ගැනීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසන්නේ.

    යන යන හැම තැනම සිවිල් ආරක්ෂක කමිටු ප්‍රජා පොලිස් කමිටු දේශපාලනීකරණය වී ඇති බවත් කිසිදු දිනක මෙවැනි දෙයක් සිදුව නොමැති බවත් සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පවසනවා.

    යෞවන සමාජ වැඩසටහනට ද ඒ දේම සිදුව ඇති බවත් මොවුන්ගේ ඊළග උත්සාහය ගොවි සමිතියේ, ධිවර සමිතියේ, කාන්තා සමිතියේ බලය ලබාගැනීම බවත් අවසානයේ මොවුන් මරණාධාර සමිතියේ බලය ද දායක සභාවේ බලය ද බලහත්කාරයෙන් ලබාගෙන පන්සලේ ඉන්න ඕනි හාමුදුරුවෝ කවුද කියා තීරණය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙනවා.

    මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයේ ඒකාධිපතීත්වය රජකරවන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොට දිස්ත්‍රික් සමගි ජන බලවේගයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්ගේ සංසදය සමග පැවති හමුවකදී කියා සිටියා.

    ජනතාව වෙනුවෙන් හඬ නගන්න ඉතිරි වෙලා ඉන්නේ අපි විතරයි

    මෙරට සෑම ගැටලු‍වකටම ලොකුම හඬ ඉදිරිපත් කරන්නේ සමගි ජන බලවේගය බවද ඔහු කියා සිටියා.
    විශ්‍රාමිකයාගේ උපාධිධාරියාගේ කම්කරුවාගේ ගොවියාගේ ධීවරයාගේ සෑම ගැටලු‍වක් පිළිබඳවම ඉදිරියෙන් සිට කටයුතු කරන්නේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියා.

    අද සංචාරක ක්ෂේත්‍රයේ රියදුරන්ට කණ කොකා හඩලනවා

    සංචාරක ක්ෂේත්‍රයේ ඉහළ යාම ගැන අවංකවම සතුටු වෙන බවත් රටේ ජනතාවගේ ජන ජීවිතය පහළ දමා බලය ලබා ගන්න අවශ්‍ය නොවන බවත් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයත් සමග මේ ක්ෂේත්‍රයේ සිටින පාර්ශ්වකරුවන්ට එහි ප්‍රතිලාභ ලබා දිය යුතු වුවත් මේ රජය සංචාරකයන්ට ගුවන්තොටුපොළේ සිටම රියදුරු බලපත්‍ර ලබා ගැනීමට අවස්ථාව ලබා දීම නිසා අප රටේ රථවාහන රියදුරන්ට විශාල බලපෑමක් වන බවත් මේ නිසා පිටරැටියන් අප රටට පැමිණ සංචාරක ඒජන්සි ආරම්භ කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දෙනවා.

    රජය ගන්නෙම අමනෝඥ තීන්දු

    මෙවැනි අමනෝඥ තීන්දු තීරණ රජය ගෙන ඇති බවත් කොවිඩ් සමයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බරපතල කඩාවැටීමක් සිදුවූ බවත් එදා බදවා ගත් උපාධිධාරින්ගෙන් සංවර්ධන නිලධාරින් 16,200ක් මේ පාසල්වල ගුරු සේවයට යොමු කළත් අද මේ අය අමතක කර ඇති බවත් ඡන්ද කාලයේ යුතුකම් ඉටුකරන්න පොරොන්දු වුවත් අද වන විට මේ ගුරු හිගය මැඩපවත්වා ගන්න හයිය වූ මේ සංවර්ධන නිලධාරීන්ට ගුරු සේවයට ඇතුළත් විමේ අවස්ථාව නැති කර ඇති බවත් විපක්ෂ නායකවරයා කියා සිටියා.

    පෙර පුව​තGem City Ratnapura- 2025 අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්
    ඊළඟ පුව​ත විශ්වාසංභංගයේ සැබෑ අරමුණ නලින්ද කියයි

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    සැකකටයුතු මරණ දෙකක්

    අයියාගේ පොලු පහරින් මල්ලි නිහඬවෙයි

    නීති විරෝධී බීඩි කොළ කිලෝ 882ක් සහ කැබ් රථයක් නාවික හමුදා භාරයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    අත්අඩංගුවට ගැනුණු “පොඩි ලැසී” දිවයිනට ගෙන එයි

    2026-02-27

    සැකකටයුතු මරණ දෙකක්

    2026-02-27
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group