දෙමටගොඩ බේස්ලයින් පාරේ කැළණිවැලි දුම්රිය මාර්ගයට ආසන්න පාළු නිවසක සඟවා තිබියදී ආයුධ කිහිපයක් සොයා ගැනීමට බම්බලපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබෙනවා.
එම ස්ථානයේ තිබී මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි දේශීයව නිෂ්පාදනය කරන ලද ගිනි අවියක්, ජීව උණ්ඩ දෙකක් සහ ටී-56 මැගසිනයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බොරැල්ල වනාත ප්‍රදේශයේ ක්‍රියාත්මක සංවිධානාත්මක අපරාධ කල්ලි දෙක්ක අතර පවතින ගැටුම්කාරී තත්ත්වය මත කිසියම් තැනැත්තෙක් ඝාතනය කිරීමට මෙම ආයුධය සඟවා තබන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.