නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය තුළ බෝම්බයක් ඇති බවට එම කාර්යාලයේ පොදු ඊමේල් ගිණුමට ලද පණිවිඩයක් මත එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගබඩා කාමරය ඇතුළු ප්‍රාදේශීය ලේක්ම කාර්යාල පරිශ්‍රය අද(29) දින හදිසි පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
නාවලපිටිය පස්බාගේ කෝරලයේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය වෙත එම ඊමේල් පණිවුයේ, විදේශ රටකින් ලද කූඩාරමක් තුළ බෝම්බයක් ඇති බවත් එය අද(29) දින පස්වරු 2ට පුපුරා යන බවටත් සඳහන්ව තිබූ නිසා වහා ක්‍රියාත්මක වූ ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණ සිටි පිරිස ඉවත් කර ඒ පිළිබඳ ආරක්ෂක අංශ වෙත දැනුම්දී තිබෙනවා.
නාවලපිටිය පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, යුධ හමුදා බෝම්බ නිෂ්ක්‍රිය අංශය, පොලිස් නිල සුනඛ අංශයේද සහයෝගය ඇතිව එම ගබඩා කාමරය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි සැකකටයුතු කිසිවක් නොමැති බවට තහවුරු කරගෙන තිබෙනවා.
සිද්ධිය සැලවූ වහාම එම ස්ථානයට පැමිණි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ජයසිංහ මහත්මිය කියා සිටියේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ලද ඊමේල් පණිවුඩයක් මත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය පරීක්ෂාවට ලක් කළ බවයි.













