රත්නපුර ගැටන්ගම සහ ඇඹිලිපිටිය නගරයේ වායූ ගුණාත්මකභාවය සුළු වශයෙන් අහිතකර මට්ටමක පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
දිවයිනේ ප්‍රදේශ රැසක මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර හා දකුණ යන පළාත්වලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයට ද මෙම තත්ත්වය ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.